වෘත්තීය සමිති නායකත්ව එක්දින පුහුණු වැඩමුළුව තෙවන සැසිය

Samagi Sewaka Sangamaya

වෘත්තීය සමිති නායකත්ව එක්දින පුහුණු වැඩමුළුව තෙවන සැසිය

සමගි සේවක සංගමය විසින් මෙහෙයවනු ලැබූ වෘත්තිය සමිති නායකත්ව එක්දින පුහුණු වැඩමුළුවේ තුන්වන සැසිය සැප්තැම්බර් 2 වන දින සමගි සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක, සමගි ජන බලවේග පක්ෂයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායකතුමාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ප්‍රධාන ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, හිටපු අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා සහ සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව අවසානයේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිඳු කරන ලදී. මෙහිදී සමගි සේවක සංගමයේ ආරම්භක සාමාජිකත්වය ලබා සිටියදී විශ්‍රාම ලැබූ මහත්ම, මහත්මීන්ට විශේෂ තිළිණ ප්‍රධානයක්ද සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් සිදු කරන ලදී. මෙම වැඩමුළුව මෙහෙයවීම(Moderator) ආචාර්ය පද්මසිරි රණවකආරච්චි මහතා විසින් සිදු කරන ලදී. වෘත්තීය සමිති නායකත්ව පුහුණු පළමු සහ දෙවන වැඩමුළු සඳහා සහභාගි වූ සමගි සේවක සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.

The Third Session of the One-Day Trade Union Leadership Training Workshop, conducted by the Samagi Sewaka Sangamaya, was held on 2 September 2026 at the Samagi Sewaka Sangamaya Head Office.
At the conclusion of the workshop, certificates of participation were presented under the patronage of Hon. Sajith Premadasa, Leader of the Opposition of the Democratic Socialist Republic of Sri Lanka and Leader of the Samagi Jana Balawegaya, together with the Chief Secretary to the Leader of the Opposition responsible for Trade Union Affairs, Hon. Ashok Abeysinghe, former Minister and President of the Samagi Sewaka Sangamaya, and Mr. Subhash Karunarathne, General Secretary of the Samagi Sewaka Sangamaya.
During the ceremony, special tokens of appreciation were also presented by Hon. Sajith Premadasa to the men and women who had retired after serving as founding members of the Samagi Sewaka Sangamaya.
The workshop was moderated by Dr. Padmasiri Ranawaka Arachchi.
Members of the Samagi Sewaka Sangamaya who had participated in the first and second sessions of the Trade Union Leadership Training Programme were also present at the occasion.

















































Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!