මැදවච්චිය ආසනයේ පදවිය රුවන්පුර දී පැවැත්වූ එකම විකල්පය සජිත් සහ කණ්ඩායම සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන

Samagi Sewaka Sangamaya

අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි එකම විකල්පය සජිත් සහ කණ්ඩායම යන මැයෙන් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සහ ඊට සමගාමීව සමගි සේවක සංගමයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ද අද දින (23) මැදවච්චිය ආසනයේ පදවිය රුවන්පුර දී පැවැත්විය. මෙහිදී ශාඛා සමිති පිහිටුවීම, තරුණ බල වේගය සහ කාන්තා බලවේගය පිහිටුවීම පිළිබඳ නිරීක්ෂණය කෙරිණි. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්, හිටපු අමාත්‍ය සහ සමගි සේවක සංගමයේ සභාපති, සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අශෝක් අබේසිංහ මැතිතුමා, සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්න මැතිතුමා, සමගි සේවක සංගමයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ ආරම්භක සභාපති සහ මව් සංගමයේ උප ලේකම් සේනක පෙරේරා මහතා, සමගි සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ සභාපති තේමිය ජයසූරිය මහතා, සමගි සේවක සංගමයේ උපලේකම් උපාලි ලක්ෂ්මන් මහතා, නව කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අරවින්ද දොඹගහවත්ත මහතා, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි වණරාජා මහතා සහභාගී විය. මෙම රැස්වීම පදවිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුසිත් චමින්ද ගුරුගේ මහතා විසින් සංවිධානය කරන ලදී. මෙයට සමගාමීව සමගි සේවක සංගමයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ද පැවැත්විය.



Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!